
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාත්‍රියේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් නිදාසිටිනු බලාසිටීමේ පුරුද්දක් ඇති හොර රහසේ හැසිරෙන පුද්ගලයකු හාලිඇල පොලිසිය විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
36 හැවිරිදි සැකකරු බොරලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වෘත්තියෙන් බස් රියදුරෙකි.
ඇල්ල, උඩකුඹල්වෙල නිවසකට ඇතුළුවී නිදාසිටින කාන්තාවන් නැරඹීමට උත්සාහ කිරීමේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු එම ස්ථානයෙන් පළාගොස් කොළඹ සිට බදුල්ල බලා යන බස් රථයකට නැග ඇති අතර, නිවසේ පදිංචිකරුවන් අවදි වී ඔහු අල්ලා ගැනීමට ලුහුබැඳ ගොස් ඇත.
කෙසේවෙතත්, නිවසේ පදිංචිකරුවන්ගෙන් ලැබුණු පැමිණිල්ලක් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක යටතේ පොලිස් කණ්ඩායමක් හාලිඇල නගරයේ දී බස් රථය පරීක්ෂා කර බස් රථයෙන් බැස නුවරඑළිය මාර්ගය ඔස්සේ පළාගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්ල පොලිස් බල ප්‍රදේශයේ නිවාස හයකට පමණ අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඔහු අවශ්‍යව සිටින බව පොලිසිය පවසයි.
ඔහු විසින් නිවාසවල දොරවල් කඩාදැමීමට භාවිත කළ මෙවලම් කට්ටලයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වැඩිදුර කටයුතු සඳහා ඇල්ල පොලිසියට භාරයට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart