
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ආනයන බදු හේතුවෙන් අර්බුදයට පත්ව සිටින මෙවන් පසුබිමක යුරෝපා සංගමයෙන් හිමිවන ජීඑස්පී ප්ලස් සහනය හෝ ආරක්ෂා කරගැනීමට රජය වගබලා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අහිමි වී තිබූ ජීඑස්පී ප්ලස් සහනය 2016 පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පාලනය විසින් යළි ලබාගැනීමේදී ඔවුන් කොන්දේසි ඉදිරිපත් කළ බවයි.
එහෙත් ජීඑස්පී ප්ලස් සහනය දීර්ඝ කරගත යුතුව පවතිද්දී යුරෝපා සංගමය ඉදිරිපත් කළ එම කොන්දේසි සඳහා වත්මන් පාලනය තවමත් පිළිතුරු ලබා දී නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා කොමිසමේ නියෝජිතයින් පිරිසක් එළඹෙන සතියේදී මෙරටට පැමිණෙන බැවින් , ඒ සඳහා රජය සූදානම් වී සිටිය යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ අමෙරිකාවේ බදු හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවූ බලපෑම ජීඑස්පී ප්ලස් සහනය අහිමිකර ගනිමින් තවදුරටත් තීව්ර කරගත යුතු නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart