
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඒ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් වශයෙන් මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමටය.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට බලපෑ හැකි අන්දම දීර්ඝව අවධානයට යොමුව තිබේ.
2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරුබදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කර ඇතැයි අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පවසයි.
මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා, ආර්ථික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා සහ යුරෝපා හා උතුරු ඇමරිකානු අංශයේ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න ද සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart