
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහනගර සභාවේ සහ තවත් පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණයට අදාළ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
සිය නාමයෝජනා පත්ර ප්රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර ඇති රිට් පෙත්සම්වලට ප්රතිචාර වශයෙන් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ පෙත්සම් විභාග කිරීමට අභියාචනාධිකරණය අවසර ලබාදුන් අතර, එම විභාගයෙන් අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.
එමෙන්ම පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේනම් ඒවා මැයි 5 වැනිදාට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.
ප්රතිවිරෝධතා ඇත්නම් ඒවා මැයි 7 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතුය.
පෙත්සම් විභාගය මැයි මස 16 වැනිදා සිදුකිරීමට නියමිතය.
එම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart