
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමට එක්සත් ජනපදය මෑතදී ගත් තීරණය සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති දැඩි කනස්සල්ල පළකර තිබේ.
ඔහු පවසා ඇත්තේ, අමෙරිකාවේ එම පියවර අනපේක්ෂිත මෙන්ම රටේ ආර්ථික අභිලාෂයන්ට හානිදායක බවයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, මෙය ඇත්තෙන්ම විශාල කම්පනයක් සහ බලාපොරොත්තු නොවූ දෙයක් බැවින් නව තීරුබදු මගින් ඩොලර් බිලියන 3 කින් අපනයන වැඩිකිරීමේ ආන්ඩුවේ ඉලක්කයට බාධා එල්ලවිය හැකි බවයි.
සියයට 44ක අගය අසාධාරණ බව පැවසූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, තීරුබදු අනුපාතය තීරණය කිරීම සඳහා භාවිත කරන ක්‍රමවේදය ද විවේචනය කළේය.
දෙරට අතර වෙළඳ හිඟය අඩකින් අඩුකිරීම මත පදනම් වූ මෙම ගණනය ශ්‍රී ලංකාව මත අනවශ්‍ය බරක් පටවන බව ද ඔහු කියාසිටියේය.
“එක්සත් ජනපදයට අපට මෙලෙස කිරීමට කිසිදු දේශපාලන හේතුවක් නැහැ,” ඔහු කියාසිටියේ, එම පියවර ගත් කාලය පිළිබඳව සිය කලකිරීම ප්‍රකාශ කරමිනි.
“අපි ස්ථාවර වෙන්න පටන් ගත්තා විතරයි. ශ්‍රී ලංකාවට මේ වෙලාවෙ ඒක දරාගන්න අමාරුයි.” අමාත්‍යවරයා පැවැසුවේය.
එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්ති ගැන සඳහන් කරමින් ඔහු පෙන්වා දුන්නේ එවැනි උපාය මාර්ග දිගු කාලීනව ශක්‍ය නොවිය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart