
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු දෙදෙනෙකුට ඇප ලබා දී තිබේ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ තවත් අයකු රුපියල් මිලියන 01 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරියේය.
මාර්තු 28 වැනි දින අධිකරණ නියෝගයක් නොතකා සෞඛ්‍ය අමාත්‍යාංශය අසල පැවති විරෝධතාවක් අතරතුර ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී.
කෙසේවෙතත්, අධිකරණය පුද්ගලයන් දෙදෙනකු පමණක් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන් 25 දෙනෙකුට ඇප ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart