
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් සල්මාන් බින් ඊබ්‍රහිම් අල් කලීෆා අතර හමුවක් සිදුව තිබේ.
ඒ, ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව කොළඹදීය.
ඊයේ පැවැති සාකච්ඡාවට නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගී වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ආසියානු රටවල් රැසක් ආර්ථික දූෂණවලට මුහුණ දී සිටියද වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගමන් කරන බව එම හමුවේදී ආසියානු පාපන්දු සම්මේලන සභාපතිවරයා පෙන්වාදුන්නේය.
එහි ප්‍රතිඵලයක් ලෙස පාපන්දු ක්‍රීඩාව වඩා හොඳ මට්ටමකට ළඟාවනු ඇතැයි ෂෙයික් සල්මාන් බින් ඊබ්‍රාහිම් අල් කලීෆා විශ්වාසය පළකර ඇත.
පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව නවීන පහසුකම්වලින් සමන්විත අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාංගණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart