
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයක සිටියදී 2021 වසරේදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණයට හේතුව සොයාගැනීමට උපකාර කිරීම සඳහා ඇයගේ දිවියේ අවසන් දිනවල ආරක්ෂක දර්ශන නිකුත් කරන ලෙස ජපාන බලධාරීන් ඉල්ලා මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයන් නඩුවක් ගොනුකිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
2021 මාර්තු 6 වැනි දින මියයන විට 33 හැවිරිදි වියේ පසුවූ විශ්මා සඳමාලි නමැති එම කාන්තාව සම්බන්ධ නඩුව ජපානයේ සංක්‍රමණ රැඳවුම් පද්ධතිය පිළිබඳ විමර්ශනය තීව්ර කර ඇත.
එරට සංක්‍රමණ බලධාරීන් විසින් විදේශිකයන් දීර්ඝ කාලීනව රඳවා තබාගනිමින් සිදුකරන විමර්ශන වඩා වැඩි විනිවිදභාවයකින් සහ කඩිනම් අවසන් කිරීම් සඳහා පියවර ගන්නැයි මානව හිමිකම් කණ්ඩායම් ද ඉල්ලා තිබේ.
අදාළ ශ්‍රී ලාංකික කාන්තාව වීසා කාලය ඉක්මවා ජපානයේ රැඳීසිටීම හේතුවෙන් ඇය රැඳවුම් භාරයේ තැබූ අතර, ඇයගේ පැය 295 ක වීඩියෝ දර්ශන තමන් සතුව ඇති බව නගෝයාගේ ආගමන ඒජන්සිය තහවුරු කර ඇත.
කෙසේවෙතත්, නියෝජිතායතනය එකඟ වී ඇත්තේ ඇගේ පවුලේ අයට පැය පහක පටිගත කිරීම් නිකුත් කිරීමට පමණි.
අදාළ කාන්තාවගේ පවුලේ සාමාජිකයන් මේ වනවිටත් ඇයගේ මරණය වෙනුවෙන් ජපාන රජයෙන් වන්දි ඉල්ලා නඩුවක් ගොනුකර ඇති අතර, ඇය අසනීප වූ විට ආගමන නිලධාරීන් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අපොහොසත් වූ නිසා ඇය මියගිය බවට ඔවුහු චෝදනා කරති.
ජපාන රජය රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය වෙනුවෙන් පෙනිසිට ඇත.
එහෙත් ඇගේ පවුලේ සාමාජිකයින් විශ්වාස කරන්නේ රඳවා තබාගෙන සිටි සමයේ ඇති දර්ශන ඇගේ මරණයට හේතු වූ තත්ත්වයන් පිළිබඳව සාක්ෂි සපයනු ඇති බවයි.
නිකුත් කර ඇති දර්ශන කොටසක දැක්වෙන්නේ ඇය තම බංකුවෙන් බිමට වැටී කාර්ය මණ්ඩලය දෙදෙනකුගෙන් උපකාර කරන ලෙස අයැද සිටින ආකාරය බව එම පවුලේ ජපන් නීතිවේදීන් පවසා ඇත.
ප්‍රතිකාර ලබානොදීම හේතුවෙන් කාන්තාව පැය කිහිපයකට පසු මියගිය බව නීතීඥයෝ වැඩිදුරටත් පවසති.
සඳමාලිගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ජපන් නීතිඥවරුන් මාර්ගයෙන් පෙබරවාරි මාසයේ ඉල්ලා සිටියේ, ඇය සිටින සියලුම දර්ශන නැරඹීමට ඉඩදෙන ලෙසයි.
නගෝයා හි රැඳවුම් කාර්යාංශය ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම දර්ශන මගින් රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂක පද්ධති අනවරණය කෙරෙන බව සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart