
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී පී. එස්. ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කරන්නේ, ලබන 28 වැනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම සිට මහනුවර දක්වා විශේෂ ලංගම බස් සේවා ක්‍රියාත්මක වනු ඇත.
දළදා දැක්ම පැවැත්වෙන කාලසීමාවේදී පෞද්ගලික වාහනවල යන පිරිස් දළදා මාළිගාව සමීපයට රැගෙන යෑම සඳහා මහනුවර ස්ථාන 4ක සිට වටරවුම් බස් සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පී. එස්. ආර්. ටී. චන්ද්‍රසිරි ප්‍රකාශ කරයි.
ලබන 18 වැනිදා පස්වරු 3.30 ට ආරම්භ වන දළදා දැක්ම එදින පස්වරු 5.30 දක්වා පැවැත්වේ.
අනතුරුව 19 වැනිදා සිට 28 වැනිදා දක්වා දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා දළදා දැක්ම පැවැත්වෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart