March 27, 2025

දූෂණ චෝදනා මත බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ අද ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණ චෝදනා 03 ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.