
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 1.6 ක පැහැරගැනීමක්, පහරදීමක් සහ මංකොල්ලයක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සහ තවත් සැකකරුවන් දෙදෙනකු පැය 48 ක කාලයක් රඳවා තබාගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කළාය.
මෙම සිදුවීම් පසුගියදා කෙසෙල්වත්ත සහ ආදුරුප්පු වීදිය පොලිස් කොට්ඨාශ තුළ සිදුවිය.
පොලිස් විමර්ශනවලට අනුව, මාර්තු 10 වැනි දින, කෙසෙල්වත්තේ රාජ්‍ය බැංකුවක් අසලදී පුද්ගලයකු පැහැරගෙන ගොස් ඇති අතර, එහිදී ඔහුගෙන් රුපියල් මිලියන 1.6 ක් සොරකම් කර ඇත.
කෙසෙල්වත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසුව, අපරාධය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ මාර්තු 11 වැනි දින, ආදුරුප්පු වීදිය පොලිස් කොට්ඨාශයේ, විදේශගත ශ්‍රමිකන්ගේ මුදල් හුවමාරු සිදුකරන ප්‍රේෂණ ආයතනයක නියෝජිතයකු බැංකු තැන්පතු සඳහා යතුරුපැදියකින් රුපියල් මිලියන 1.6ක් ප්‍රවාහනය කරමින් සිටි බවයි.
ත්‍රිරෝද රථයකින් සහ තවත් යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් ඔහුගෙන් රුපියල් මිලියනයක් කොල්ල කෑ බව කියනු ලැබේ.
වැඩිදුර පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, කොල්ලයට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සිද්ධිය වන අවස්ථාවේ පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී සිටි බවයි.
කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේ ප්‍රධාන සැකකරු තවමත් නිදැල්ලේ සිටින බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බවත්ය.
රඳවාගෙන සිටින සැකකරුවන් සිව්දෙනා වන්නේ, සෙලම්බරානි ශිවා, සෙබස්තියන් කනගරාජා සහ වැලිකඩ පොලිස් කොස්තාපල්වරුන් වන කසුන් සහ රිෂාන් උදිත් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart