
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ශ්රී ලංකා වයසප් අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස චාමර සිල්වා පත්කර ඇත.
ශ්රී ලංකා හිටපු අන්තර්ජාතික ක්රිකට් ක්රීඩකයකු වන සිල්වා, ශ්රී ලංකාවේ පළමු පෙළ ක්රිකට් ක්රීඩාවේ පුහුණු අත්දැකීම් ඇති ICC III වැනි මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයට සම්බන්ධ වීමට පෙර, ඔහු පොලිස් ක්රීඩා සමාජයේ ප්රධාන පුහුණුකරු ලෙස සේවය කළ අතර, ඊට පෙර බ්ලූම්ෆීල්ඩ් ක්රිකට් සමාජයේ සහ පානදුර ක්රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ක්රීඩකයකු ලෙස, චාමර සිල්වා ශ්රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග 75 ක්, ටෙස්ට් තරග 11 ක් සහ විස්සයි20 තරග 16 ක් ක්රීඩා කර ඇති අතර, සීමිත ඕවර ශතකයක් ඇතුළුව අන්තර්ජාතික ලකුණු 2,269 ක් රැස්කර ඇත.
ඔහුගේ පත්වීම 2025 මාර්තු 1 වන දින සිට 2026 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වේ.
2026 දී ICC වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය සඳහා ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සූදානම් කිරීමේ වගකීම චාමරට පැවරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart