
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පිරිනමන රුපියල් දෙලක්ෂ පනස් දහසක වටිනාකමකින් යුත් රක්ෂණාවරණය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රුපියල් ලක්ස 10 ක රක්ෂණාවරණය රුපියල් 250,000 ක් දක්වා අඩු කිරීමට රජය යෝජනා කර ඇති නමුත් එවැනි රක්ෂණාවරණයක් හෝ අවශ්‍ය නොවන බවයි.
ඒ ඔස්සේ රාජ්‍ය වියදම් අඩු කර ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කළ හැකි බව ද පෙන්වාදුන් මන්ත්‍රීවරයා පැවසුවේ, මන්ත්‍රී රක්ෂණාවරණය කප්පාදුවෙන් ඉතිරිවන මුදල් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉල්ලා සිටින 15% ක පොළී ප්රතිලාභ ගෙවීම සඳහා භාවිත කළ හැකි බවයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක රජයෙන් ඉල්ලා සිටියේය.
ඔහු පැවසුවේ ඒ ඔස්සේ ගොඩනැගී තිබුණේ ජනතාව අතර වෛරයක් ඇති කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිඟමනේ යෑමක් වැනි දෙයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart