March 23, 2025

යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කේරල ගංජා කිලෝග්‍රෑම් 85 ක් සොයාගෙන තිබේ.

මරදන්කේණි පොලිසීය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී කඩ්ඩෙයිකාඩු, ආලියාවේලි වෙරළ තීරයේ දී නීතිවිරෝධි ලෙස මෙරටට ප්‍රවාහනය කල රුපියල් මිලියන 17ක් පමණ වටිනා මෙම කේරල ගංජා කිලෝග්‍රෑම් 85ක තොගය සොයාගෙන ඇත.

2025 මාර්තු මස 23 දින අළුයම් කාලයේදී අත්අඩංගුවට ගත එම තොගය පාර්සල් 40ක් වශයෙන් තිබී ඇත.

ඉදිරි පරීක්‍ෂණ කටයුතු මරදන්කේණි පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.