
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොරොන්දු රැසක් දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දැන් සිදුකළ යුත්තේ සිය පොරොන්දු ක්‍රියාවට නැංවූ බව පෙන්වාදීම යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඔහු පෙන්වාදුන්නේ වත්මන් රජය බලයට පත්වීමේදී ලබාදුන් ප්රමුඛ පොරොන්දුවක් වන්නේ රජයේ වියදම් අඩුකර ඉතිරිකිරීම් වැඩිකිරීම බවයි.
එහිදී අමාත්‍යධූර අඩුකිරීම, මන්ත්‍රීවරුන්ට වාහන සඳහා වැයවන මුදල් අඩුකිරීම, නිල නිවාස භාවිත නොකිරීම, හෙලිකොප්ටර්වලින් ගමන් නොකිරීම, දූෂණය වැළැක්වීම, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව වැනි දෑ රජයට බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දු බව ඔහු පෙන්වාදුන්නේය.
ඒවායෙන් ඉතිරි කළ මුදල් පවතින්නේ කොහිදැයි රජය පෙන්වා දිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, එලෙස ඉතිරි කළ මුදල් ප්‍රාග්ධන වියදම් ලෙස යොදවා ඇති අයුරු සහ ඒවායේ ප්‍රමාණයන් පෙන්වාදිය හැකි නම් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සතුටින් පිළිගත හැකි බවයි.
වාචිකව පැවසීම පමණක් නොව එය ක්‍රියාවට නැංවීමට ද රජයට හැකියාවක් පවතින්නේ නම් රටට සිදු කරන විශාල ආයොජනයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart