March 22, 2025

ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන එන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 350කට ආසන්න ප්‍රමාණයක් අඩංගු පාර්සල් 154ක් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

යාපනය හමුදා බුද්ධි ඒකකයේ තොරතුරක් මත පේදුරුතුඩුව පොලිසිය මෙහෙයවූ ඒකාබද්ධ මෙහෙයුමක පියවරක් ලෙස අද (22) අලුයම මෙම වැටලීම සිදු කර තිබිණි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ ඇස්තමේන්තුගත වෙළෙඳ වටිනාකම(වීදි වටිනාකම) රුපියල් මිලියන 60ක් පමණ වන බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.