
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රථම තීරුබදු රහිතව ක්‍රියාත්මක වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් පසුගිය මැයි 24 වැනිදා සිංගප්පූරුවට අයත් වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී (One World Duty Free) සමාගම සහ කොළඹ වරාය නගරය අතර ගිවිසුමකට අත්සන් තැබිණි.
කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා කාර්යාලයේ පැවති උත්සවයකදී වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී Keira Zhang සහ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සහ කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මීට අදාළ ගිවිසුම් දෙකකට අත්සන් තැබිණි.
කොළඹ වරාය නගරය ප්රමුඛ ගෝලීය තීරුබදු රහිත සිල්ලර මධ්‍යස්ථානයක් බවට පත්කිරීම මෙම එකඟතාවයේ අරමුණයි.
වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී (ODF) සමාගමට අයත් අයත් omnichannel තීරුබදු රහිත ආයතනය විසින් විලාසිතා, රූපලාවන්‍යය සහ විදෙස් මත්පැන් වර්ග ඇතුළු අන්තර්ජාතික වෙළඳනාමවල සංයුක්ත මිශ්‍රණයක් හඳුන්වාදෙමින්, වර්ග මීටර් 1,250ක තීරුබදු රහිත වෙළඳසැලක් පෝට් සිටි කලම්බු හි සංවර්ධනය කර පවත්වාගෙන යෑමට සූදානම් වේ.
ODF වෙළඳසැලේ ඉදිකිරීම් 2023 මැද භාගයේ සිට ආරම්භ කිරීමට නියමිත අතර, වසර අවසානයේදී වෙළඳාම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart