
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අර්ජුන ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් බිලියන 1.8ක වටිනාකමකින් යුත් චෙක්පත් මගින් පුද්ගලයන් 108 පමණ මුදල් ගෙවීම් සිදුකර ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම කියාසිටියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන්ට ද මුදල් ගෙවා ඇති බවයි.
බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම යහපාලන ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ වාර්තාවල පාද සටහන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, “හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා තෝරාබේරා හෙළිදරව් කිරීම් නොකළ යුතුයි,” යනුවෙනි.
ඊට ප්‍රතිචාර දැක්වූ ආචාර්ය ද සිල්වා කියාසිටියේ, එම කාලය තුළ කෝප් කමිටු සාමාජිකයන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කළ බවයි.
එහිදී තමන් ඇතුළු ඇතැම් සාමාජිකයන්ට සහ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට එකදු දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් හෝ වට්ස්ඇප් පණිවිඩයක් ලැබී නොමැති බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart