
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ප්රමුඛ පෙළේ පාන වර්ග සහ ආහාර සැපයුම්කාර ජාලයක් වන ස්ටාර්බක්ස් අවන්හලක් වෙතින් ලැබුණු උණුසුම් තේ පානයකින් දරුණු පිළිස්සුම් ඇති වූ මයිකල් ගාර්ෂියා නම්ත්තකුට ඩොලර් මිලියන 50 (£38.47m) ක වන්දියක් ප්රදානය කරන ලෙස එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ප්රාන්ත ජූරි සභාවක් නියෝග කර ඇත.
2020 වසරේ පෙබරවාරි මාසයේදී මයිකල් ගාර්ෂියා සිය වාහනයේ පැමිණ යම් පාන වර්ගයක් ඇණවුම් කරන අතර, ස්ටාර්බක්ස් සේවිකාව එම උණුසුම් පානය ලබාදෙන එක් කෝප්පයක් නියමිත පරිදි සවිකර නොමැත.
එම කෝප්පය මයිකල් ගාර්ෂියාගේ උකුළ මත වැටෙන අතර ඔහුගේ ලිංගික ප්රදේශයේ දරුණු පිළිස්සුම් තුවාල සිදුවේ.
කෝප්පය සුරක්ෂිත ලෙස පාරිභෝගිකයාට ලබාදීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ස්ටාර්බක්ස් 100% ක් වගකිව යුතු බව තහවුරු කර ඇති අතර එයට වන්දි ගෙවීමට මෙලෙස නියම කර ඇත.
වන්දි මුදල විශාල බව පවසමින් සමාගම තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart