March 19, 2025

2017 මැයි මාසයේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වී ඇති පුත්තලම දිස්ත්‍රික් වනජීවී කාර්යාලයට අනුයුක්ත අතිරේක පරිපාලන වන නිලධාරියෙකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.

2017 මැයි 30 වැනි දින වන නිලධාරියාගේ බිරිඳ විසින් නිට්ටඹුව පොලිසියට ගොනුකරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

කෙසේවෙතත්, 2023 නොවැම්බර් 17 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකිරීමෙන් පසු, අතුරුදහන් වූ පුද්ගලයා සොයාගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයා සොයාගැනීම සඳහා CID මහජනතාවගෙන් සහාය ඉල්ලා ඇත.