March 18, 2025

අමෙරිකාවේ නව විදේශ ප්‍රතිපත්තිය යටතේ ඇතැම් රටවල් තීරුබදු සඳහා සහන ලබා ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආසියානු කලාපයේ බංග්ලාදේශය වැනි රටවල් අමෙරිකාවෙන් එලෙස විශේෂ තීරුබදු ගිවිසුම් සඳහා එකඟ වී ඇති බවයි.

බංකොලොත්භාවයෙන් මිදීමට උත්සහ දරන අවස්ථාවක ශ්‍රී ලංකාව ද සිදුකළ යුත්තේ අමෙරිකාව සමග රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කර වසර 10 ක් හෝ 15 ක කාලයක් සඳහා විශේෂ තීරුබදු ගිවිසුමකට එළඹීම බව මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එමගින් ලක්ෂ 12.5 ක පමණ ඍජු රැකියා අවස්ථා පවතින ඇඟළුම් කර්මාන්තය ආරක්ෂා කරගත හැකි වනු ඇති බවයි.