
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ නව විදේශ ප්‍රතිපත්තිය සමග ඔවුන් ඒ ඒ රට අනුව කටයුතු කරන බවත්, එසේ වුව ද දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිසි පරිදි සිදුවන බවත් අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
අමෙරිකාවේ තීරු බදු පැනවීම ද එවැනි ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක වන බැවින් අදාළ තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමුකර උපායමාර්ගික වශයෙන් සහ නිවැරදි රාජ්‍යතාන්ත්‍රිකභාවයකින් අමෙරිකාව සමග කටයුතු කරන බව ද ඔහු පැවසුවේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය නායක මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
රට බංකොලොත්භාවයෙන් මිදීමට උත්සහ දරන මෙවැනි අවස්ථාවක අමෙරිකාව සමග සාකච්ඡා කර විශේෂ තීරු බදු ගිවිසුමකට එළඹීමට නොහැකි ඇයි දැයි මන්ත්‍රීවරයා එහිදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart