
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පළායෑමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ චෝදනාව යටතේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන එම සැකකරු අද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් අනතුරුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබේ.
එම අධිචෝදනා පවරා අදාළ නඩුව පවත්වාගෙන යෑමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණයට දැනුම්දුන්හ.
එමෙන්ම මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තා ද නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව එම නීතීඥවරුන් අධිකරණය හමුවේ පවසා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සළකා බලා නඩු විභාගය අප්‍රේල් මස 04 වැනිදා යළි විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart