
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයේ දියුණුව සඳහා පෞද්ගලික අංශය සමඟ හවුල්කාරිත්වය අත්‍යවශ්‍ය වුවද, රජය මේ වනවිට එම ගුවන් සේවයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බැවින් හවුල්කාරීත්වයක් පිළිබඳව කිසිවක් තීරණය කර නොමැති බව Daily Mirror වාර්තා කරයි.
මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ශ්‍රීලංකන් ගුවන් සේවය ආර්ථික වශයෙන් ශක්තිමත් බවට පත්කිරීම සඳහා ගුවන් සමාගමේ කළමනාකාරිත්වය දැනටමත් සිය ව්‍යාපාර සැලැස්ම බොහෝ විකල්ප සමඟ ඉදිරිපත් කර ඇති අතර පෞද්ගලික අංශයේ මැදිහත්වීම ඉන් එකකි.
මූල්‍ය වාර්තා අනුව, පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා වූ මාස හතක කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 1.9 ක පාඩුවක් ලබා ඇත.
කෙසේවෙතත්, එම සමාගම පෙර වසරේ රුපියල් බිලියන 4 කට වැඩි ලාභයක් වාර්තා කර තිබේ.
පවතින තත්ත්වය හමුවේ ගුවන් සමාගමේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කෙරෙහි රජය පූර්ණ අවධානය යොමුකර ඇති බව තතු දත් මූලාශ්‍ර උපුටා දක්වමින් Daily Mirror වාර්තා කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ස්වෛරී ඇපකරයක් සහිත බැඳුම්කරයක් හරහා ණය ලබාගෙන ඇත.
ජාතික ගුවන් සේවයේ ණය පියවීම සඳහා රජය රුපියල් බිලියන 20ක් අයවැයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart