
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්තමානයේදී පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමේ අඩුවක් පවතින බවත්, එය ගැටළුකාරී තත්ත්වයක් බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.
ඔහු මේ බව අනාවරණ කළේ පසුගිය වසරවලට සාපේක්ෂව වර්තමානයේදී පාසල්වලට ඇතුළත් වන ළමුන් සංඛ්‍යාවේ අඩුවක් පවතින බව සහ එම ගැටළුව සොයාබැලීම සඳහා රජය ගනු ලබන පියවර මොනවාද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් සිදුකර ඇති බවයි.
උපත් අනුපාතය පහළයෑම සහ සමාජ සාධක කිහිපයක් ඊට හේතු ලෙස හඳුනාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී රවී කරුණානායක පෙන්වාදුන්නේ, 2015 වසරේදී මෙරට පාසල්වල 01 ශ්‍රේණිය සඳහා සිසුන් 421,000 ක් ඇතුළත් වුවද එම සංඛ්‍යාව මේවනවිට 279,000 ක් දක්වා පහළ වැටී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart