
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක යළිත් ගින්නක් හට ගෙන තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, කොලරාඩෝ හි ඩෙන්වර් ගුවන් තොටුපළක පියාසර කරවීමට නියමිතව තිබූ ඇමරිකන් එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යානයක් ගිනිගනිමින් පවතින බව සහ එහි සිටි මගීන් ඉවත් කරන ආකාරයයි.
ගින්නෙන් විශාල කළු දුමාරයක් පිටවන අයුරු ද ඊට අදාළ වීඩියෝ මගින් දැක්වේ.
එමෙන්ම ගුවන් යානයෙන් පිටවන ඝණ කළු දුමාරය හමුවේ මගීන් පිරිසක් සිය ගමන් මළු ද රැගෙන බෝයිං ගුවන් යානයේ පියාපතක් මත සිටින ආකාරය ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේවෙතත් ඩෙන්වර් අන්තර්ජාතික ගුවන්තොටුපළේ ගුවන් යානය තුළ ගට ගත් ගින්නෙන් පීඩාවට පත්ව සිටි මගීන් පිරිස ආරක්ෂිතව මුදාගත් බව එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පසුව නිවේදනය කර තිබේ.
සිද්ධියට හේතුව විමර්ශනය කරන බව ද ඔවුන් නිවේදනය කර ඇත.
බරපතල තුවාල පිළිබඳ වාර්තා නොමැති වුවද, සුළු තුවාල හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගත කර ඇති බව ගුවන් තොටුපළ පසුව තහවුරු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart