
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම මිතුරාට උදලු පහර එල්ල කර මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත්බද මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.
විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත ප්‍රකාශ කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.
ඒ අනුව මිනීමැරීමේ වරදට විත්තිකරුට මරණ දඬුවම් නියම කරන බව කියාසිටි මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරු මහනුවර පළේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයට රැගෙන ගොස් ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක හා වේලාවකදී බොටුවෙන් වැලළා ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා තැබීමට තමා නියෝග කරන බවද කීවේය.
2015 වසරේ නොවැම්බර් මස 01 දින හෝ ඊට ආසන්න දිනයක පොළොන්නරුව මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කවුඩුල්ලේදී පී.පී. රන්බණ්ඩා යන අයට උදලු පහර එල්ල කර ඔහු මරාදැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව විත්තිකරුට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.
මෙසේ මරණ දඬුවම නියමවූයේ පොළොන්නරුව කවුඩුල්ල පදිංචි ගාමිණි රණවීර නමැත්තකුටය.
විත්තිකාර ගාමිණි රණවීර නමැත්තා මරණකරුගේ බිරිය සමඟ ඇති කරගෙන තිබූ අනියම් ප්‍රේම සබඳතාවක් මෙම ඝාතනයට පාදක වී ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය.
මෙම නඩුවේ ලඝුනොවන මූලික විභාගය පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා පොළොන්නරුව මහාධිකරණයට යොමුකර තිබිණි.
මෙම අපරාධයේ ලඝුනොවන මූලික විභාගය පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අවස්ථාවේ සැකකරුවන් තිදෙනෙකු නම් කර සිටි අතර පසුව ඉන් සැකකරුවන් දෙදෙනකු මුදාහැර රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කෙරිණි.
මැදිරිගිරිය මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී නලීන් පරාක්‍රම රණසිංහ ඇතුළු නවදෙනකු මෙම නඩුවේ සාක්ෂිකරුවෝ ලෙස නම්කරනු ලැබ තිබිණි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart