
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාට බරපතල ජිවිත තර්ජනයක් එල්ලවී ඇති බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තා දේශපාලනඥයකු නවසීලන්තයට පළාගොස් ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.
එම වාර්තාවන්ට අනුව තුවක්කුකරුවන් ඇයගේ නිවෙසට පැමිණ ඇති බවත්, තමා ලිංගික හිංසනයට ද ගොදුරුවූ බවත් ඇය එරට විනිශ්චය සභාවක් හමුවේ ප්‍රකාශ කර ඇති අතර, එම කරුණු එහිදී පිළිගෙන ඇත.
මෙම කරුණු මත 32 හැවිරිදි ඇයට නවසීලන්තයේ සරණාගත තත්ත්වය ලබා දී තිබේ.
තම දේශපාලන ජීවිතය ඉදිරියට ගෙනයෑම සඳහා ප්‍රමුඛ මන්ත්‍රීවරයකුගේ සහචරයකු විසින් ඔහු සමඟ ලිංගිකව එක්විය යුතු යැයි යෝජනා කළ බවත්, තවත් පුද්ගලයකු එම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍යවල පළකිරීමෙන් පසු ඇය දැඩි පිඩාවට පත්වූ බවත් මෙම කාන්තාව ප්‍රකාශ කර තිබේ.
එලෙස තර්ජනය කළ පුද්ගලයා 2020 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අයකු බවද සඳහන් වේ.
ඇගේ මස්සිනා යතුරුපැදි අනතුරකින් මියගිය පසු, ඔහුගේ අවමංගල්‍යයේදී ඔහුගේ මිනී පෙට්ටියේ සටහනක් තිබී ඇති අතර, එහි ඊළඟට ඇය මරාදමනු ඇතැයි සඳහන්වූ බවත් ඇය පවසා ඇත.
එසේම ඇයට තර්ජනාත්මක දුරකථන ඇමතුම් දෙකක් ලැබී ඇති අතර, යතුරුපැදියක් ඇය දෙසට වේගයෙන් ධාවනය කර ඇත.
2018 ප්‍රාදේශීය මැතිවරණයකට පෙර දින, ඇයට දේශපාලනයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටිමින් පිරිමින් පිරිසක් ඇගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවද ඇය වැඩිදුරටත් එරට ආගමන හා ආරක්ෂණ විනිශ්චය සභාවට ප්‍රකාශ කර තිබේ.
මෙම කරුණු සළකා බලා, ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තාවන්ට සිදුවන හිරිහැර වැඩිවෙමින් පවතින බව විනිශ්චය සභාව පවසා ඇත.(RNZ News)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart