March 11, 2025

අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දෙනලදී.

ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්.කේ.එස්.යූ. ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ඒ. ප්‍රේමශංකර් යන අයට පත්වීම් ප්‍රදානය කෙරිණි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට සහභාගී විය.