March 11, 2025

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ හෝ ඔහුගේ ලේකම්වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලවේ ගඟ හරහා පාලමක් ඉදිකිරීමට වෙන්කළ අරමුදල් අනිසි ලෙස භාවිත කර ඇති බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී උපුල් කිත්සිරි අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

මන්ත්‍රීවරයා පැවසුවේ, මෙම චෝදනාව ඇත්ත වශයෙන්ම ප්‍රදේශයේ ජනතාව විසින් එල්ලකර ඇති බවයි.

ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක පැවසුවේ, පාලම අඩක් ඉදිකර ඇති අතර ගඟ මැද පාලම නතර වී ඇති බවයි.

“පාලම් සඳහා අරමුදල් වෙන්කර ඇති නමුත් ව්‍යාපෘති සඳහා වියදම් නොකළ අවස්ථා බොහොමයක් තිබෙනවා. ” අමාත්‍යවරයා පැවැසීය.

මෙම චෝදනාවට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක සජිත් සජිත් ප්‍රේමදාස පැවසුවේ, 2019 ජනාධිපතිවරණයේදී පාලමේ වැඩ නතරකළ බවත්, ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය ව්‍යාපෘතිය දිගටම කරගෙන නොගිය බවත්ය.

“යහපාලන රජය විසින් ආරම්භ කරන ලද කිසිදු ව්‍යාපෘතියක් ඊට පසු පත්වූ ආණ්ඩුව විසින් දිගටම කරගෙන ගියේ නැහැ” ඔහු සඳහන් කළේය.