
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට අත්අඩංගුවේ පසුවන හමුදා සේවය හැරගිය සෙබළුන් පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග අදාළ හමුදා ඒකක තුළ නියමිත පරිපාලන ක්‍රියාවලියට අනුව සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්තාගේ නියෝගයකට අනුව පසුගිය සතිය වනවිට පොලිසිය සහ හමුදාව විසින් හමුදා සේවය හැර ගිය සෙබළුන් 679 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව The Daily Morning වෙත අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර පවසා ඇත්තේ, අදාළ කටයුතු සම්බන්ධයෙන් නියමිත පරිපාලන ක්‍රියාදාමයන් අනුගමනය කරන බවයි.
“පරිපාලන ක්‍රියාවලියක් තියෙනවා. නිදසුනක් වශයෙන්, සේවය හැරගිය සොල්දාදුවකු අත්අඩංගුවට ගත් විට ශ්‍රී ලංකා යුද හමුදාවට නිශ්චිත ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුයි. ඒ අනුව සෑම හමුදා ඒකකයක්ම එම ක්‍රියාවලිය අනුගමනය කරනවා.” ඔහු පැවසුවේය.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්තා ඉකුත් දා පැවසුවේ 2024 දී පමණක් නිලධාරීන් 179 ක් සහ සේවයට බඳවා ගත් පුද්ගලයන් 8,047 ක් සේවය හැරගිය අය ලෙස වර්ග කර ඇති බවයි.
මෙරට නීතියට අනුව, අඛණ්ඩව දින 21කට වඩා වැඩි කාලයක් රාජකාරියට නොපැමිණෙන ඕනෑම සේවා සාමාජිකයෙකු සේවය හැරගිය අයකු ලෙස සැළකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart