
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය ජනාධිපති අනුර කුමාර දිසානායකට අද (10) සංදේශයක් මගින් දැනුම්දී තිබේ.
මෙයට අමතරව මේ සම්බන්ධයෙන් විනිවිධ පෙනෙන පරික්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කීරීමට ද පියවර ගත් බව අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානායේ සභාපති ජාමුනි කමන්ත තුෂාර පැවසීය.
අද (10) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන ලෙස පැමිණිලි කිරීමෙන් පසුව ඔහු ජනමාධ්‍යවලට අදහස් දැක්වීය.
ඒ අනුව වර්ෂ 1988, 89 කාලපරිජේදවල දී මිනිස් ජීවිත 60 000 ක් රටට අහිමි කළේ කවුරුන්ද යන්න රටක් නොව ලොවම බලාසිටින තත්ත්වයක් තුළ මේ සම්බන්ධයෙන් සිදු වූ දේ ජනතාව දැනගත යුතු නිසා, එම සිද්ධි ජාලයට සම්බන්ධවූවන්ට නිසි දඩුවම් ලබාදෙන්නට වගකිව යුතු ආණ්ඩුවක් වශයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව පියවර ගත යුතු බව ද හෙතෙම කීයාසිටියේය.
1995 සැප්තැම්බර් මස 21 දින දරන අධිකාර පත්‍රයේ සඳහන් කරුණු ගැන පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා 1950 අංක 08, 1953 අංක 40, 1955 අංක 8, 1955අංක 29, යන පනත් වලින් සංශෝධිත, 1948 අංක 17 පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාර එවකට ජනාධිපතිවරිය විසින් මෙම කොමිෂන් සභාව පිහිටුවන ලැබු බව ද හෙතෙම කීය.
1995 දෙසැම්බර් 19 වැනි දින හා අංක 902/8 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
ඒ අනුව කරුණු රැසක් ගැන පරීක්ෂා කොට වාර්තා කරන ලෙසට මෙම කොමිෂන් සභාවට නියම කරනු ලැබ තිබු බවද හෙතෙම කීය.
එලෙස මියගිය පුද්ගලයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා මෙම කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුගත කිරීම හෝ නැවත 88/89 සිද්ධීන් පිළිබඳව ජනාධිපති කොමිෂමක් පත්කිරීමෙන් හෝ අදාළ දේශපාලකයන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බව ද අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානායේ සභාපති ජාමුනි කමන්ත තුෂාර වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart