
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ධවල මන්දිරයෙන් පිටත ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයකුට වෙඩිතැබූ බව අමෙරිකානු රහස් ඔත්තු සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියානා සිට ගමන් කරමින් සිටි බව කියනු ලබන පුද්ගලයකු පිළිබඳ රහස් ඔත්තු සේවයට පොලිසියෙන් තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව, එම ඔත්තු සේවයේ නිලධාරීන් ධවල මන්දිරය අසල සිටි සැකකරු සහ ඔහුගේ මෝටර් රථය සොයාගෙන තිබේ.
“නිලධාරීන් ඔහු වෙත ළඟා වන විට, එම පුද්ගලයා ගිනි අවියක් පෙන්වූ අතර එහිදී ගැටුමක් ඇති වුණා. එම අවස්ථාවේදී අපගේ නිලධාරීන් විසින් ඔහුට වෙඩිතැබුවා” යනුවෙන් රහස් ඔත්තු සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර, රහස් ඔත්තු සේවය පැවසුවේ ඔහුගේ තත්ත්වය නොදන්නා බවයි.
වෙඩිතැබීම සඳහා අමෙරිකාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සම්බන්ධ බැවින් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශනය කරන බව එම සේවය පවසන අතරම, සිද්ධිය සම්බන්ධයෙන් වැඩි විස්තර සැපයීම පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ.
වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ නොසිටි බව පැවැසේ.
ඔහු සති අන්තයේ ෆ්ලොරිඩාවේ සිය නිවස වන මාර්-ඒ-ලාගෝ හි ගතකරන බව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart