March 9, 2025

පසුගිය පෙබරවාරි මාසයේ කුඩා දරුවන් දෙදෙනකු ඝාතනය කරමින් මිද්දෙනියේ සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව, ඊයේ කුට්ටිගල ප්‍රදේශයේදී 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි තැබීමට සහාය දීමේ චෝදනාව මත සැකකරු මිද්දෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිද්දෙනිය පොලිසිය සහ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.