
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අගය කරමින්, ආර්ථික අවස්ථා වැඩිවීම ආදායම ඉහළ නංවන අතර, දරිද්‍රතාව අඩුකරන බවත්, එමඟින් ශ්‍රී ලාංකිකයන්ට රට වඩාත් ආකර්ශනීය ස්ථානයක් බවට පත්කරන බවත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන පිළිබඳ IMF හි තුන්වැනි සමාලෝචනය පිළිබඳ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බෲවර් සඳහන් කළේ, සංචිත සැළකිව යුතු ලෙස වර්ධනය වී ඇති බවත්, වැඩසටහනේ අරමුණුවලින් අඩකට ළඟා වී ඇති බවත්ය.
ශ්‍රී ලංකාව 2023 සිට රටට අහිමි වූ ආදායමින් 40% ක් නැවත ලබාගෙන ඇති බවත්, මෑත කාලීන 5.5% වර්ධන වේගයක් ඇති බවත් ඔහු අවධාරණය කළේය.
අවස්ථා වැඩිදියුණු වන විට ආර්ථික ස්ථාවරත්වය සංක්‍රමණිකයන් නැවත පැමිණීමට දිරිමත් කළ හැකි බව බෲවර් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart