
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ කොළඹ සර් අර්නස්ට් ද සිල්වා මාවතේ (මල් පාර) පිහිටි ඔහුගේ කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන වෘත්තිකයන් කිහිපදෙනකු හමුවිය.
රැස්වීමට සහභාගී වූ බොහෝදෙනෙකුට අවශ්‍ය වූයේ රනිල් වික්‍රමසිංහ මේ වසර අගදී පාර්ලිමේන්තුවට පැමිණෙන බවට පැතිර යන කටකතා තහවුරු කිරීමටය.
රනිල් වික්‍රමසිංහට ප්රශ්නය යොමුකරමින් ඔවුන්ගෙන් එක් අයකු පවසා ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණියහොත් එය හොඳ යැයි ඔවුන් සියලුදෙනාම විශ්වාස කරන බවයි.
“ෆෙරාරි කාර් එකක් ඩ්‍රයිව් කරන්න ලයිෂන් එකක් තියෙන කෙනෙක්ට ‘L බෝඩ්’ ගහගෙන යන අය එක්ක කරන්න දෙයක් නැහැනේ” යැයි රනිල් වික්‍රමසිංහ ඊට පිළිතුරු ලෙස පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart