
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩොලර් ඉතිරි කර ගැනීම සඳහා 2020 මාර්තු මාසයේදී පනවන ලද ආනයන පාලන ලිහිල් කිරීමේ නවතම පියවරක් ලෙස, දැනට සීමාකර ඇති භාණ්ඩ 3000ක් අතුරින් (HS codes) භාණ්ඩ 1000ක පමණ ආනයන සීමාවන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය සලකා බලමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ තහවුරු කරයි.
පරිගණක, ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර, ගෘහ උපකරණ, ලිපි ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ඇඳුම් ද්‍රව්‍ය සහ ඇඟලුම්, සම් නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, අමතර කොටස්, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, කෘෂිකාර්මික උපකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, නාන කාමර උපාංග සහ සෙරමික් ටයිල් යන භාණ්ඩ මෙලෙස ආනයන සීමා ලිහිල් කෙරෙන අයිතම අතර වේ.
බරපතල ඩොලර් හිඟය මත රජය විසින් භාණ්ඩ රැසක ආනයනයන් සීමාකිරිම හේතුවෙන් දහස් ගණනකගේ ඍජු හා වක්‍ර රැකියාවලට සහ ඔවුන්ගේ ජීවනෝපායට බලපා ඇති අතර කුඩා ව්‍යාපාර රැසක් දැනටමත් වසා දමා ඇත.
රාජ්‍ය ඇමතිවරයා පෙන්වාදෙන ආකාරයට රජයේ ප්‍රතිපත්ති රාමුවට හානියක් නොවන පරිදි ආනයන සීමා ලිහිල් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් පුළුල් සැලැස්මක් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කර ඇත.
දැනට ක්‍රියාත්මක වන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් මෙම පුළුල් සැලැස්ම ඇතුළත් වාර්තාවක් ජූනි මාසයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(sundaytimes)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart