
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කූනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව අනුමත කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අවස්ථා 09 කදී ක්‍රීඩාකර ඇති 28 හැවිරිදි කූනමන්ට මේ මස මුලදී ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවති දෙවන ටෙස්ට් තරඟයේදී පන්දු යැවීම සැකසහිත බවට චෝදනා විය.
පසුව සිදුකරන ලද ස්වාධීන පරීක්ෂණයෙන් ඔහුගේ වැලමිටේ නැමීම අසාමාන්‍ය නොවන නොවන බව තහවුරු වී ඇති අතර ඒ අනුව ඔහුට අඛණ්ඩව පන්දු යැවීමට අවසර හිමිව තිබේ.
”මේ කාරණය දැන් විසඳී තිබීම ගැන අපි සතුටු වෙනවා” යනුවෙන් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම්වල විධායක සාමාන්‍යාධිකාරී බෙන් ඔලිවර් පැවසීය.
“එය මැට්ට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. ඔහුට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පූර්ණ සහයෝගය ලැබී ඇති අතර ඔහුට දැන් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මීළඟ අදියරට ඉතා විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකිය.” යනුවෙන් ද ඔලිවර් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart