
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔන්ලයින් සහ ජංගම දුරකථන වංචා හරහා පිළිකා රෝගීන්ගෙන් රුපියල් මිලියන 05 කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් තිදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රතිකාර සඳහා පරිත්‍යාග එකතු කිරීමට සහාය වන බව පවසමින් සැකකරුවන් දුරකථනයෙන් පිළිකා රෝගීන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ බැංකු ගිණුම් ඇතුළු පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
පසුව ඔවුන් පිළිකා රෝගීන්ගේ විස්තර යොදා ව්‍යාජ ජාතික හැඳුනුම්පත් නිර්මාණය කර ඇති අතර, පෙර අංකය නැති වූ බව පවසමින් ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගෙන් නව සිම් කාඩ්පත් ද ලබාගෙන ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
පිළිකා රෝගීන්ගේ අංක සහිත සිම් කාඩ්පත් ලබාගැනීමෙන් පසු ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ඇතුළු වී සැකකරුවන් රුපියල් මිලියන 5 කට අධික මුදලක් සොරාගෙන ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම වංචාව සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සහ සැකකාරියන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙවැනි මාර්ගගත සහ ජංගම දුරකථන වංචාවන් පිළිබඳව මහජනතාවට, විශේෂයෙන් පිළිකා රෝගීන්ට අනතුරු අඟවන අතර, නාඳුනන පුද්ගලයන් සමඟ පෞද්ගලික තොරතුරු බෙදානොගන්නා ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart