
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්‍රේනයට සාමය උදාවන්නේ නම් තම ජනාධිපති ධූරය අතහැරීමට කැමති බව ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
“සාමය සාක්ෂාත් කරගැනීම සඳහා ඇත්තටම මා මගේ තනතුර අත්හැරීමට අවශ්‍ය නම් මම ඊට සූදානම්.” යනුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසීය.
ඒ සඳහා කොන්දේසි තිබේ නම් මට මගේ ජනාධිපතිධූරය යුක්‍රේනයේ නේටෝ සාමාජිකත්වය සඳහා හුවමාරු කළ හැකිය,” යුක්රේන ජනාධිපතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා තිබේ.
යුක්‍රේන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට වසර 03 ක් සම්පූර්ණ වීම යෙදී තිබූ පසුබිමක් තුළදීය.
එමෙන්ම ඔහු මේ වනවිට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි දෝෂාරෝපණයට සහ වාග් ප්‍රහාර සඳහා ද මුහුණ දී සිටියි.
ඉකුත් දා ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේ, සෙලෙන්ස්කි මැතිවරණ පැවැත්වීමෙන් තොරව සිටින ඒකාධිපතියකු ලෙස කටයුතු කරන බවයි.
2019 මැයි මාසයේදී ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සෙලෙන්ස්කි එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ අතර, ඔහු පැවසුවේ තමන් එම ප්‍රකාශය සඳහා අමනාප නොවන නමුත් ඒකාධිපතියකු ද නොවන බවයි.
“මම අද යුක්රේනයේ ආරක්ෂාව ගැන අවධානය යොමුකරනවා, එහෙත් මම දශක ගණනාවක් බලයේ නොසිටිමි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
යුක්රේන නීතියට අනුව, 2022 පෙබරවාරි මාසයේදී රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයේ සිට ක්‍රියාත්මක වූ යුද නීතිය යටතේ මැතිවරණ අත්හිටුවනු ලැබ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart