
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඌව පරණගම කැටගොඩ ප්රදේශයේ නාවික හමුදා සෙබළකු විසින් පවත්වාගෙන යන ලද බව කියන නීතිවිරෝධී මත්පැන් පෙරනු ලබන ස්ථානයක් (22)දින වටළා, එහි තිබු ගෝඩා, පෙරන ලද කසිප්පු සහ පෙරීමට යොදාගත් උපකරණ එම සැකකරු සමග අත්අඩංගුවට ගත් බව අඹගස්දෝව පොලිසිය පවසයි.
සැකකරු නිවාඩු මත පැමිණ සිටින අවස්ථාවේ දි තම සොහොයුරා සමග එක්ව මෙම මත්පැන් පෙරීම කලක සිට සිදුකරන බවට ලද තොරතුරක් මත පොලිසිය මෙම වැටළීම සිදුකර ඇත.
එහිදි අත්අඩංගුවට ගත් සැකකරු නාවික හමුදාාවේ සේවයේ නියුතු කැටගොඩ, ඌව පරණගම ලිපිනයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරිමේදි එහි කාමරයක් තුළ මෙම කසිප්පු නිෂ්පාදනය කරගෙන ගොස් ඇති අතර, ඒ අවස්ථාවේ දි එම කාමරය තුළ තිබී පෙරන ලද කසිප්පු මිලි ලීටර් 4500ක්, ගෝඩා මිලිලීටර් 8500ක් සමග කසිප්පු පෙරීම සදහා යොදගත් බවට සැකකෙරන ගැස් සිලින්ඩරයක්, ගෑස් ලිපක්, මුට්ටි ඇතුළු උපකරණ ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart