
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනමධ්‍ය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පාතාල කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
එහෙත් මහජනයාගේ පොදු ආරක්ෂාවට එය තර්ජනයක් වී නොමැති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
රටේ අපරාධ කණ්ඩායම් විනාශකාරී ජාලයක් බවට වර්ධනය වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
මෙම තත්වය මුළුමනින්ම මැඩපැවැත්වීමට රජය උත්සාහ කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart