
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉල්ලුම අඩුවුවහොත් වාහන සඳහා පනවා ඇති බදු අඩුකළ හැකි බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
විදේශ සංචිත සම්බන්ධයෙන් පවතින අවදානම හමුවේ වාහන ආනයනය සඳහා එලෙස සීමා පනවා තිබේ.
“විදේශ විනිමය සඳහා අපට සීමාවක් ඇති බවට මහ බැංකුව මග පෙන්වීමක් ලබා දී තිබෙනවා. මිල වැඩිකරන්න අපි තීරු බදු වෙනස් කරනවා. මේක වෙන්නේ කොහොමද කියලා බලලා මහ බැංකුවෙන් ඉගියක් දීලා තියෙනවා ආනයන බදු අඩු කරන්න පුළුවන් කියලා. ඒකත් වෙන්න පුළුවන්.” යනුවෙන් අමාත්‍යවරයා ජනමාධ්‍ය හමුවේ පැවසුවේය.
ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ බැංකුවල මූලික තොරතුරු මත පදනම්ව ණයවර ලිපි විවෘත කිරීමට සැළකිව යුතු උනන්දුවක් තිබූ නමුත් විශාල වැඩිවීමක් දක්නට නොලැබුණු බවත්, වාහන ආශ්‍රිත බදුවලින් ශ්‍රී ලංකාව රුපියල් බිලියන 700ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් ය.
2025 වසර සඳහා වන අයවැය ලේඛනයට අනුව රජය බදු ආදායම රුපියල් බිලියන 885කින් පමණ බිලියන 4,590 දක්වා වැඩිකිරීමට ඉලක්ක කර තිබේ.
වාහන ආනයනය ලිහිල් කරන්නේ හුදෙක් බදු අයකිරීම සඳහා නොව ආර්ථිකයේ දියුණුව සඳහා බව ද අමාත්‍ය අනිල් ජයන්ත පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart