
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පසුගියදා කැලණියේ පිහිටි බෞද්ධ පුහුණු මධ්‍යස්ථානයකට කළ සංචාරයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමත් සමඟ අද පාර්ලිමේන්තුවේදී විවාදාත්මක තත්ත්වයක් උද්ගත විය.
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් එල්ල කළ චෝදනාවකට පිළිතුරු දීමට නියෝජ්‍ය අමාත්‍ය ජයසිංහට අවසර දීමත් සමඟ මෙම විවාදාත්මක තත්ත්වය උද්ගත වී තිබිණි.
එහිදී තමන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නම සඳහන් නොකළ බව පවසමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය විරෝධය පළකළේය.
ඊට මැදිහත්වී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියාසිටියේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දැක්වීමට ඉඩදිය යුතු බවයි.
කෙසේවෙතත් සුළු මොහොතකින් විවාදාත්මක තත්ත්වය සමථයකට පත් විය.
මෙම පුහුණු මධ්‍යස්ථානය ඉදිකර ඇති ඉඩමෙන් කොටසක් කිසියම් දේශපාලනඥයකු විසින් අල්ලාගෙන ඇති බවත්, ඒ පිළිබඳව සොයාබලන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart