
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස පක්ෂය තමාට උපදෙස් දුන් බවට එල්ල වන චෝදනා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි ඊයේ ප්‍රතික්ෂේප කරයි.
ජනමාධ්‍ය කළ විමසීමකදී ඇය පවසා ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා හෝ පක්ෂ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක ජනමාධ්‍යයට කතාකිරීම නවත්වන ලෙස තමාට බලනොකළ බවයි.
ජනමාධ්‍යයට කතා කරනවාද නැද්ද යන්න ඇගේ තීරණයක් බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.
තමා සාමාන්‍යයෙන් ජනමාධ්‍ය සමග සමීපව කටයුතු බව මන්ත්‍රීවරිය පවසා ඇත.
කෙසේවෙතත් පසුගිය සති අන්තයේ පැවැති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනක් අතරතුර ඇය ජනමාධ්‍යයට අදහස් පළකිරීම ප්‍රතික්ෂේප කර තිබුණේ ‘පක්ෂය’ ඊට අනුමැතිය ලබාදී නොමැති බව පවසමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart