
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වුවද කොළඹ සහ ගාල්ලට අයගේ මහලේකම් තනතුරේ බලය අදාළ නොවන බව එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.
අද පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායකයා සඳහන් කරන ලද්දේ, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ එජාපයේ සුළු පිරිසක් සිය භාරයේ තබාගෙන ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා මෙතෙක් සාර්ථක නොවීමට හේතුව පිළිබඳව කරන ලද විමසීමකදී රවී කරුණානායක කියාසිටියේ, එජාපයේ සුළු පිරිසක් එම සාකච්ඡාවලට බාධා පමුණුවන බවයි.
යම් හෙයකින් එම සාකච්ඡා සාර්ථක වුවහොත් සිය බලය බිඳවැටෙනු ඇතැයි බියට පත්ව සිටින කිහිපදෙනකු, මෙලෙස සකච්ඡා සාර්ථක කරගැනීමට ඉඩ ලබානොදෙන බවද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart