
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ දකුණු දූපතක් වන ටස්මේනියාවේ දුරස්ථ වෙරළ තීරයකට ඩොල්ෆින් මසුන් 150 කට වැඩි පිරිසක් ගොඩ ගසා තිබේ.
වෙරළ තීරයේ අතරමංවීමෙන් ඉන් විශාල පිරිසක් මියගොස් ඇති අතර, සතුන් 90 දෙනකු පමණ නිරිපද්‍රිත සිටින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම ඩොල්ෆින් මසුන් false killer whales ලෙස හඳුන්වන ලබන ප්‍රමාණයෙන් විශාල වර්ගයක් බව ද පැවසේ.
ටස්මේනියානු රාජ්‍ය වනජීවී නිලධාරි බ්‍රෙන්ඩන් ක්ලාක් පැවසුවේ ටොන් එකකට වඩා බරින් වැඩි නිරුපද්‍රිත ඩොල්ෆින් මසුන් යළි ගැඹුරු මුහුදු තීරය වෙත යොමුකිරීම අපහසු වනු ඇති බවයි.
එහෙත් පශු වෛද්‍යවරුන්ගේ සහාය ලබාගන්නා බවත්, උත්සාහය අත්නොහරින බවත් ඔහු පවසා තිබේ.
false killer whales සතුන් ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ අතරමවීම සාමාන්‍ය දෙයක් ලෙස සැළකේ.
එහෙත් ක්ලාක් පැවසුවේ, එම සතුන් මෙලෙස ටස්මේනියාවේ එම ප්‍රදේශයේ වෙරළ ප්‍රදේශයට පැමිණියේ වසර 50 කට පසුව පමණ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart