
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව පුරා ප්‍රකට චොක්ලට් සන්නාමයක් වන නියුටෙලා හි (Nutella) නිමැවුම්කරු ලෙස සැළකෙන ඉතාලි ජාතික රසායන විද්‍යාඥ ෆ්රැන්චෙස්කෝ රිවේලා මියගොස් තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ 97 වැනි වියේ පසුවූ රිවේලා ඉකුත් 14 වනදා මියගොස් ඇති බවයි.
ඉතාලි මාධ්‍ය විසින් Nutella සන්නාමයේ පියා ලෙස රිවේලා නම් කර තිබේ.
”ඔහු ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ hazelnut තැවරුම නිර්මාණය කිරීමට උදව් විය” යනුවෙන් ඉතාලි ජනමාධ්‍ය වාර්තා කරයි.
රිවේලා 1952 දී ඉතාලි චොකලට් සහ රසකැවිලි සමාගමක් වන Ferrero හි සේවය කිරීම ආරම්භ කර තිබේ.
ඒ, Nutella ලෝකයට හඳුන්වාදීමට වසර 12 කට පෙරදීය.
රිවේලා ෆෙරේරෝ සමාගමේ රසායන විද්‍යාගාරයේ රාජකාරී කර ඇති අතර එය ෆෙරේරෝ වෙළඳ නාමයේ වඩාත්ම කැපීපෙනෙන නිර්මාණ රැසක් බිහිවූ ස්ථානයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart