
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පුහුණු ශ්‍රමිකයන් රට හැරයෑම හේතුවෙන් බංකොලොත්ව ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම මන්දගාමී විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අගවයි.
2022 දී ශ්‍රී ලංකාව ණය පැහැර හැරීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මෙරට පුහුණු ශ්‍රමිකයෝ රැසක් සුදුසු රැකියා අවස්ථා සොයා විදේශගත වෙමින් සිටිති.
ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ වාර්තාගත සංඛ්‍යාවක් ලෙස පුද්ගලයන් 312,836 දෙනකු රට හැරගොස් ඇති අතර, එය 2022 වසරේ වාර්තා වූ 310,953 වාර්තාගත ඉහළම අගය අභිබවා යෑමක් බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති චන්ද්‍රනාත් අමරසේකර පවසා ඇත්තේ, මෙම වසරේ ආර්ථික ප්‍රක්ෂේපණයන්හි ආර්ථික වර්ධනය මන්දගාමී වියහැකි අවධානම ලෙස බුද්ධිගලනය ඇතුළත් කර ඇති බවයි..
බොහෝ පුහුණු ශ්‍රමිකයන් රට හැර යන බවට ආර්ථිකයේ සෑම අංශයකින්ම බොහෝ සාක්ෂි තිබෙන බව ඔහු පෙන්වාදෙයි.
“එය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරනවා. අපි ආර්ථිකය දියුණු කරන්න උත්සාහ කරනවා. අපට එම පුද්ගලයන්ගෙන් කොටසක් ආපසු ලබාගැනීමට නොහැකි වුවහොත් මෙය ආර්ථිකයේ සමහර අංශවලට බලපානවා. බොහෝ පෞද්ගලික බැංකුවල ඉහළ නිලධාරීන් පවසා ඇත්තේ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය දැනටමත් රට හැරගොස් ඇති බැවින් ඔවුන් පුහුණු ශ්‍රම බලකාය තුළ දුෂ්කර කාර්යයන්වලට මුහුණ දෙන බවයි.” චන්ද්‍රනාත් අමරසේකර පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. ජෙගජීවන් පවසන්නේ, නිපුණ මධ්‍යම මට්ටමේ කාර්ය මණ්ඩලයක් රට තුළ නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart