
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත අබේසේකර විසින් භාවිත කරන ලදැයි කියන සහ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද බවට සැකකෙරෙන ටොයොටා ලෑන්ඩ් කෲසර් ප්රාඩෝ වාහනයක කොටස් අද (6) අලුයම නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
හිටපු මන්ත්රීවරයා දැනට අතුරුදහන් වී ඇති බව වාර්තා වී ඇත.
හිටපු මන්ත්රීවරයා නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ප්රාඩෝ රථයක් භාවිතා කරන බවට නිලධාරීන්ට තොරතුරු ලැබුණු අතර, නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ සයිබර් අපරාධ අංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
දින කිහිපයක විමර්ශනයකින් පසු, වාහනය අත්පත් කර ගැනීම සඳහා අද අලුයම විමර්ශන කණ්ඩායමක් පුත්තලමට පැමිණ තිබේ.
කෙසේවෙතත්, වාහනය මුලින් සොයාගත නොහැකි විය.
වැඩිදුර පරීක්ෂණවලදී එය කොටස්කර වෙනම ස්ථාන දෙකක සඟවා ඇති බව අනාවරණය විය.
හිටපු මන්ත්රීවරයාට සම්බන්ධ ස්ථාන දෙකකදී එම කොටස් සොයා ගන්නා ලදී.
ඒ ඔහුට අයත් පුත්තලමෙහි පොල් වත්තක් සහ ඔහුගේ නිවස අසල තවත් නිවසකිනි.
විමර්ශනයේදී හෙළි වූයේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනට භාවිත කරන තවත් ප්රාඩෝ රථයක චැසි සහ එන්ජින් අංක භාවිත කර මෙම වාහනය ලියාපදිංචි කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart